BREAKING NEWS
Search

අතීත මතකයෙන් නික්මෙන්න බැරි ඔහු ආදරණීය සෙනුරි වෙනුවෙන් කලේ දේ මෙන්න.

14109

සනුරි ඉසුරිකා, කළු ලෝගුව දෙවුර දරන්නට සැරසී සිටි විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක්..

ඇගේ මේ හදිසි මරණය එදා ඇයට ආදරය කරන බොහෝ දෙනෙක් කම්පා කරන්නක් වුණා..

සනුරිගේ අම්මා, තාත්තා, පවුලේ සෙසු සාමාජිකයින්ට වගේම ඇගේ නික්ම යාම ඔහුගේ ජීවිතයට තවමත් දරාගන්න බැරි හිස්තැනක්.. මේ කියන්න යන්නේ ඇගේ නික්ම යාමෙන් කලකට පස්සේ වුණත් සනුරි ගැන අලුත් වුණු මතකයක් ගැන කතාවක්..

මේ කතාවට පණ ලැබෙන්නේ සමාජ මාධ්‍ය පිටුවල සංසරණය වන ඡායාරූපයක් නිසා කිව්වොත් හරි.. සනූගේ උපන්දිනය මේ විදිහට හරි සමරන්න ඔහු හිත හදාගන්න ඇත්තේ ඇයගේ නික්මයාම තවමත් ඔහුට සිහිනයක් වගේ නිසා වෙන්න ඇති..

සනූ නිසලව නිදා සිටින ඒ සොහොන ළඟ ඇයට ආදරය කරන ඔහු මෙන්න මේ වගේ සැමරුමක් සූදානම් කරලා.. ඉතින් සමාජමාධ්‍යයේ සංසරණය වන මේ ඡායරූප වෙනුවෙන් ලියවුණු තවත් වදනක් මෙන්න මේ විදිහට දැකගන්න ලැබුණා..

ඇත්තටම අවංකව ආදරය කරන කිසිම කෙනෙක්ට ඒ ආදරය අහිමි වෙන්න එපා කියලා මේ සටහන දැක්කාම ඔබටත් හිතේවි..

“පුංචි පුංචි රණ්ඩු නිසා අපි තරහා හිතේ තියාගෙන ගොඩක් වෙලා ඉන්නවා.. සමහර විට පැයක්, දෙකක්, දවසක් හෝ ඊට වැඩි කාලයක්.. බොහෝ කාලයක් අමනාපකම් තියාගන්න තරම් අපේ ජීවිත දීර්ඝ නැහැ කියලා දන්නවද.. ඉතිං, ඉඩක් ලැබෙන හැම මොහොතකම ආදරෙයි කියන්න.. වරදක් උනොත් සමාව ගන්න තරම් නිහතමානී වෙන්න.. පුළුවන් හැම මොහොතකම හොයලා බලන්න, අවධානය දෙන්න.. ඔයා තමයි එයාට ඉන්න විශේෂම කෙනා කියලා ඒත්තු ගන්වන්න..මේ ලෝකෙන් කාට ඉස්සර වෙලා යන්න වුනත්, ආදරණීය ලස්සන මතක ගොඩක් එයාගෙ ජීවිතේට එකතු කරන්න.. ඒ ලස්සන මතකයන් එක්ක එයාට ජීවිතේ ඉස්සරහට යන්න පාර හදන්න.. ඉතිං මං ආයෙත් කියනවා, පසුතැවීමක් ඉතිරි නොවෙන්න ආදරේ කරන්න!”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *