BREAKING NEWS
Search

ඔයාලට ඔච්චර පුළුවන් නම් අපිට කොච්චර පුළුවන්ද මෙතන… චීනයෙන් ඇමරිකාවට සියයට 125ක තීරු බද්දක්…

52

අමෙරිකාව විසින් චීනයට එරෙහිව පැනවූ අතිවිශාල තීරු බද්දට ප්‍රතිචාර ලෙස චීනය ද අද (11) ප්‍රතිචාර දක්වා ඇත.

ඒ අනුව අමෙරිකානු භාණ්ඩ සඳහා චීනය පනවා තිබූ තීරු බද්ද අද 125% දක්වා ඉහළ නංවා තිබේ.

අමෙරිකානු ආනයන සඳහා චීනය මීට පෙර 84% ක තීරු බද්දක් පනවා තිබුණි.

චීනයට එරෙහිව පැනවූ තීරු බදු සම්බන්ධයෙන් පැහැදිලිකිරීමක් සිදුකරමින් ධවල මන්දිරය ඊයේ (10) ප්‍රකාශ කළේ, චීන ආනයන මත පැන වූ සමස්ත තීරු බද්ද 145%ක් වන බවයි.

ඊට ප්‍රතිචාර ලෙස චීනය අද මෙම නව බදු ප්‍රතිශතය ප්‍රකාශයට පත්කර ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *