BREAKING NEWS
Search

 අමතක වෙන නිසා ලියාගෙනත් ඉන්නවා  – හිතාගන්න බැරි තරමට ලස්සන වුණු හැටි කියන පියුමි

20

ජනප්‍රිය නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි කියන්නෙ කවදත් කාගෙත් ඇස් වශී කරවන තරමේ සුන්දර රූපයකට උරුමකම් කියන තාරකාවක්.

පියුමි වගේ ලස්සන වෙන්න හීන දකින තරුණියන් මේ පුංචි රටේ සෑහෙන්න.

අද තමන් ආකර්ෂණීය රූපයකට උරුමකම් කිව්වද, පියුමි කියන හැටියට ඇයත් මීට ඉස්සර ලස්සන වෙන්න හීන දැක්ක යුවතියක්…

 

‘සල්ලි තිබ්බා කියලම ලස්සන වෙන්න බෑ.

ඒකට පින තියෙන්න ඕනි.

ඉස්සර මාව දැක්කාම හැමෝම හිතුවා මට සන්නිය කියලා.

එච්චරටම කැතයි මම.

ඒ කාලෙ ඉඳලම ආසාව නම් තිබ්බෙ සුදු වෙන්න. ලස්සන වෙන්න.

අද ඉතින් මට හරිම සතුටුයි. මම ඒ සුදු වෙන ලස්සන වෙන දේවල් සියලුම දේ ඉගෙන ගත්තා.

ඒත් මතක නෑ දැන්. ඔක්කොම අයිපෑඩ් එකේ දාලා තියෙන්නෙ.

අමතක වෙන නිසා ලියලත් තියන් ඉන්නවා.”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *