සමාජ ජාල හෙල්ලු කොළඹ ප‍්‍රකට පාසලේ ගුරුවරියන් හා ශිෂ්‍ය නායක ගැන පරීක්‍ෂණ..

2591

 

 

කොළඹ ප්‍රමුඛ පෙළේ පාසලක ප්‍රධාන ශිෂ්‍ය නායකයා සහ එම පාසලේම ගුරුවරියන් තිදෙනකු අතර පැවති බව කියන සමීප සබඳතා දැක්වෙන වීඩියෝ පට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම සම්බන්ධයෙන් වහාම වාර්තාවක් ලබාදෙන ලෙස අධ්‍යාපන ලේකම් නාලක කලුවැව මහතා අදාළ විදුහල්පතිවරයාට නියෝග කර තිබේ.
සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන මෙම දර්ශන කෙරෙහි අධ්‍යාපන අමාත්‍යාංශයේ දැඩි අවධානය යොමු වී ඇති බව ලේකම්වරයා සඳහන් කළේය.

අදාළ සිද්ධියට අදාළව විදුහල්පතිවරයා ලබාදෙන වාර්තාව පදනම් කරගනිමින් විධිමත් විමර්ශනයක් පවත්වා, වගකිවයුත්තන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

කෙසේ වෙතත්, අදාළ විමර්ශන වාර්තාව ලැබෙන තෙක් සැකකාර ගුරුවරියන්ගේ වැඩ තහනම් කිරීම හෝ වෙනත් විනය පියවරක් ගැනීමට හැකියාවක් නොමැති බව ද ලේකම්වරයා පෙන්වා දී ඇත.

සමාජ මාධ්‍ය තුළ මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති මෙම වීඩියෝ පටවල, අදාළ ශිෂ්‍ය නායකයා ගුරුවරියන් තිදෙනකු සහ එම විද්‍යාලයේම තවත් සිසුවකුගේ මවක සමග වීඩියෝ ඇමතුම් මගින් සම්බන්ධ වෙමින් නිරුවත් ක්‍රියාකාරකම්වල නිරත වන දසුන් ඇතුළත් වන බව වාර්තා වේ.

Source – Lanka C News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!