සමගි ජන බලවේගය කොළඹ නගර සභාව පරාජය වීමත් සමඟ එම පක්ෂය තුළ බරපතළ දෙදරීමක් හටගෙන ඇතැයි වාර්තාවේ.
කොළඹ මහ නගර සභාවේ බලය ලබා ගැනීමට පහසුවෙන්ම හැකියාව තිබියදී එම අවස්ථාව මඟ හැරීම සම්බන්ධයෙන් පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරීන් රැසක් පක්ෂ නායකත්වයට දැඩි ලෙස දෝෂාරෝපණය කර ඇතැයි පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් පැවසීය.
පළාත් පාලන ආයතනවල බලය පිහිටවන අවසාන මොහොතේදී පක්ෂ මහලේකම්වරයා විදේශගත වීමද බොහෝ ක්‍රියාකාරීන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව ඇතැයි ඔහු ප්‍රකාශ කළේය.
කොළඹ මහනගර සභාව ඇතුළු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී සමග ජන බලවේගයේ නායකත්වය උපරිම කැපවීමක් නොදැක්වූ බවටද බොහෝ ක්‍රියාකාරීහු චෝදනා කරති.
සමහර නායකයන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනාවලින් ගැලවීමට ඔවුන් මෙවැනි නිද්‍රාශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කළාදැයි ඔවුහු මෙහිදී සැක මතු කරති.
මේ අතර ජනාධිපතිවරණයේදී සන්ධානවලට යෑම ප්‍රතික්ෂේප කළ නායකත්වය පළාත් පාලන ආයතන පිහිටුවීමේදී සන්ධාන වලට යෑම විහිළුවක් බව පෙන්වා දෙන එම ක්‍රියාකාරීහු එසේ කටයුතු කරමින් සභිකයන් බිල්ලට දීම අනුමත නොකරන බවද සඳහන් කරති.