BREAKING NEWS
Search

චන්දෙ පරදින සුදර්ශනී සජිත් ගාවට යනකොට, චන්දෙ දිනලා ඇමතිකමක් ශුවර් කවින්ද රනිල් ගාවට එයිද..?

54

සමගි ජන බල සන්ධානයට ගම්පහ දිස්ත්‍රික් පොහොට්ටු මන්ත්‍රීනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ එක්කර ගැනීම සජිත් ප්‍රේමදාසගේ අත්තනෝමතික ක්‍රියාවක් බවත්, ඒ සම්බන්ධයෙන් අලුතින් ආරවුලක් නිර්මාණය වී ඇති බවත් වාර්තා වේ.

මෙලෙස එක්කර ගැනීම නිසා සමගි ජන බලවේගයේ මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මෙන් ම, අජිත් මාන්නප්පෙරුම ද දැඩි ලෙස විරෝධය පළ කර ඇති බව වාර්තා වේ. පසුගිය දිනක සමගි ජන සන්ධානය පිළිබඳ ගිවිසුම් අත්සන් කිරීමේ දී පවා ඉදිරිපත් නොවූ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පසු අවස්ථාවක සජිත් ප්‍රේමදාස සමඟ පෞද්ගලිකව සාකච්ඡා කර එම පිලට එක් වී ඇති බව හෙළිවේ.

ඇයගේ පැමිණීම පිළිබඳව ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන සියලුම සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් නොසතුට පළ කර ඇත. සමගි ජන සන්ධානය ගොඩ නැගීමෙන් පසුව ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වී ඉදිරිපත් වී ජයග්‍රහණය කිරීමේ පටු අරමුණින් ඇය එක් වී ඇති බවට චෝදනා ද එල්ල වී තිබේ.

කාවින්ද ජයවර්ධන ද වෘත්තියෙන් වෛද්‍යවරයෙක් වන අතර සමගි ජන බලවේගයේ ප්‍රධානතම පුරුකක් වන අතර සමගි ජන තරුණ පෙරමුණ නිර්මාණය කිරීමේ මහගු කාර්යයබාරය කල දක්ෂ තරුණයෙකි.

Source : News24




Leave a Reply

Your email address will not be published. Required fields are marked *