කෙහෙළිය රඹුක්වැල්ල විසින් සිදුකර ඇති ප්‍රතිදේහ එන්නත් සම්බන්ධ සිදුවීම ජාතික අපරාධයක් බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
ඒ අනුව ඔවුන් දඬුවම් ලබාදීමට රටේ නීති ප්‍රමාණවත් නොවන්නේ නම්, අලුතෙන් නීති සාදා හෝ දඬුවම් සිදුකළ යුතු බවයි අද (20) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
ඔවුන් එසේ විනාශ කර ඇත්තේ මිනිස් ජීවිත බවත්, මෙම ඖෂධය සම්බන්ධයෙන් විශ්වාස කර වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය රෝගීන්ට මෙය ලබාදී ඇති බවත්, එම සියලු දෙනාම රවටා හිටපු ඇමතිවරයා කටයුතු කර ඇති බවයි අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.
Source – එසැණ