ගුවන් අනතුරකින් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නියෝජ්‍ය මහ ඇමති මරුට

256

ඉන්දියාවේ, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නියෝජ්‍ය ප්‍රධාන අමාත්‍ය අජිත් පවර් මහතා ගමන් කළ ගුවන් යානය අනතුරකට ලක්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

එම අනතුරින් නියෝජ්‍ය ප්‍රධාන අමාත්‍යවරයා ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

මහාරාෂ්ට්‍රයේ බරමති ප්‍රදේශයේ ගුවන් තොටුපළ ආසන්නයේ ගොඩබැසීමේදී අද (28) මෙම අනතුරකට ලක්ව ඇති බව වාර්තා වේ.

නියෝජ්‍ය ප්‍රධාන අමාත්‍යවරයා අද බරමතිහි පැවැත්වීමට නියමිත මහජන හමුවකට සහභාගී වීම සඳහා උදෑසන මුම්බායි නුවරින් පිටත්ව තිබූ බව වාර්තා වෙයි.

ගුවන් අනතුර සිදුවූ ස්ථානයට ආරක්ෂක සහ හදිසි සහන සේවා කණ්ඩායම් වහාම අනතුර සිදුවූ ස්ථානයට යොමු කර ඇති බව සඳහන් වේ.

Ada Derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!