මත්ද්‍රව්‍ය සැපයුම් ජාලයේ ඇතැම් පිරිස් භාරවීමට කැමැත්ත පළ කරලා – නි.ඇමති සුනිල් වටගල

183

මත්ද්‍රව්‍ය සැපයුම් ජාලයේ නිරතව සිටින ඇතැම් පිරිස් භාරවීමට කැමැත්ත පළ කර ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසයි.

ඔහු පවසන්නේ ආණ්ඩුව විසින් සිදුකරගෙන යනු ලබන මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීමේ ක්‍රියාවලිය නිසි අයුරින් සිදුකරගෙන යාමත් සමග අදාළ පිරිස් මෙලෙස භාරවීමට කැමැත්ත පළ කර ඇති බවය.

විශ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන රටම එකට ජාතික මෙහෙයුම වැඩසටහනට සමගාමීව රත්නපුර දිස්ත්‍රික් මෙහෙයුම් සභාව ස්ථාපිත කිරීමේ වැඩසටහනට එක්වෙමින් සුනිල් වටගල නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

Source – Ada Derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!