මෙවර පළාත් පාලන ඡන්ද විමසීමේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය ඡන්දය භාවිතා කන නොමැති බව වාර්තා වෙනවා.
අසනීප තත්ත්වයක් හේතුවෙන් ශල්‍යකර්මයකට භාජන වී ඇති ඒ මහතා විවේක සුවයෙන් පසුවන බැවින් මෙසේ ඡන්දය භාවිත කිරීමට ගොස් නැති බව ඔහුගේ පවුලට සම්බන්ධ තොරතුරු අනාවරණය කර සිටියා .
ඒ මහතා පසුගිය දිනෙක පෞද්ගලික රෝහලකදී ශල්‍යකර්මයකට ලක්ව මේ දිනවල වෛද්‍ය උපදෙස් මත නිවෙසේ විවේක ගන්නා බව ද එම තොරතුරු සඳහන් කළ සිටි අතර මෙතෙක් පැවති සෑම මැතිවරණයකදීම ඡන්දය භාවිත කර ඇති හිටපු ජනාධිපතිවරයා ඡන්දය භාවිත කර නැත්තේ මෙම මැතිවරණයේදී පමණක් යැයි ද එම තොරතුරු වැඩිදුරටත් අනාවරණය කර සිටියා.
මෙවර ඡන්දය ප්‍රකාශ කිරීමට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා, ඔහුගේ බිරිඳ සමඟ ශිරන්ති රාජපක්ෂද මැදමුලන ඩී.ඒ රාජපක්ෂ විදුහලට (06) පෙරවරුවේ පැමිණ සිටියේ හිටපු ජනාධිපතිවරයා නොමැතිවයි.
Source – A5 News Sri Lanka