තමාගේ මවට අසනීප වී ඇති නිසා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීමට දින කිහිපයක් ලබා දෙන ලෙස ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ මෙන්ම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් තුසිත හල්ලොලුවමහතා ඉල්ලීමක් කර තිබෙනවා.
මේ අතර, ඔහුට විදෙස් ගමන් තහනමක් ද ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ජනාධිපතිවරයා සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අවමන්සහගත සහ අසත්‍ය ප්‍රකාශයක් සිදු කිරීමකට අදාළ පැමිණිල්ලකට අනුව සිදු කරන විමර්ශනයකටයි ඔහු අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ එකී ප්‍රකාශයෙන් මහජන සාමයට හා ජාතික ආරක්ෂාවට ගැටලු උද්ගත වන ආකාරයේ ප්‍රකාශයක් සිදුව ඇති බැවින් එම ප්‍රකාශයේ අඩංගු කරුණු සම්බන්ධ මූලාශ්‍ර අනාවරණය කර ගැනීම සඳහා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 109(06) වගන්ති ප්‍රකාරව වූ දැන්වීමක් යොමු කරමින් තුසිත හල්ලොලුව මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබෙන බවයි.
පසුගිය 04වනදා, නීතිඥ අකලංක උක්වත්ත සහ නීතිඥ උපුල් කුමාරප්පෙරුම යන මහත්වරුන් විසින් මේ සම්බන්ධයෙන් වූ පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ගොනු කළා.
තුසිත හල්ලොලුව නමැති අය විසින් සිදු කර ඇති එම අසත්‍ය ප්‍රකාශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ කීර්තිනාමයට අහිතකර සහ දැඩි අගතිදායී බලපෑමක් සිදු විය හැකි බවයි එම පැමිණිල්ලෙහි සඳහන් වූයේ.
Source – A5 News Sri Lanka