BREAKING NEWS
Search

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී නන්ද බණ්ඩාර රිය අනතුරකට ලක්වෙයි

1542

ජාතික ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නන්ද බණ්ඩාර රිය අනතුරකට ලක්ව තිබෙනවා.

ඔහු පැද වූ මෝටර් රථය හෙම්මාතගම නගරයේ දී විදුලි කණුවක ගැටී අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඊයේ (26) රාත්‍රියේ සිදුවූ මෙම අනතුරින් මන්ත්‍රීවරයා සුළු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් හෙම්මාතගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

මෙම අනතුරින් පසු හෙම්මාතගම නගරයට මෙන්ම අවට ප්‍රදේශ කිහිපයකට විදුලිය විසන්ධි වී ඇති බවට ද තොරතුරු වාර්තා වුණා.

Dasatha News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *