BREAKING NEWS
Search

තවත් තොරතුරු රැසක් හෙලි වෙයි. ලොවක් කම්පා කල එයාර් ඉන්දියා ගුවන් අන*තුර ගැන දැන් ඇසෙන කතාව

5472

ඉන්දියාවේ අහමදාබාද් නුවරදී අනතුරට පත් එයාර් ඉන්ඩියා ගුවන්යානයේ නියමු කුටියේ හඬ පටිගත වන යන්ත්‍රය සොයාගෙන තිබේ.

අනතුර සිදුවීමට පෙර අවසන් අවස්ථාවේදී නියමුවන් අතර සිදුවූ අවසන් සංවාද ඇතුළත් මෙම හඬ පටිගත කිරීමේ යන්ත්‍රය ඉදිරි විමර්ශන සඳහා වැදගත් හෝඩුවාවක් වනු ඇති බව වාර්තා වෙයි.

මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 242 දෙනකු රැගත් එයාර් ඉන්ඩියා ගුවන් සමාගමට අයත් බෝයිං 787 වර්ගයේ ගුවන්යානය ඉන්දියාවේ අහමදාබාද් ගුවන්තොටුපොළ ආසන්නයේ දී අනතුරට ලක්වූයේ පසුගිය බ්‍රහස්පතින්දාය.

යානය ගමන් අරඹා මිනිත්තුවක් ඇතුළත ඒ ආසන්නයේ පිහිටි වෛද්‍ය සිසු නේවාසිකාගාරයක් මතට කඩා වැටී අනතුරට ලක්වූ අතර එහිදී පුද්ගලයින් 270කට ආසන්න පිරිසක් මියගියේය.

අනතුරට ලක්වූ යානයේ දෙවැනි කළු පෙට්ටිය එනම් නියමු කුටියේ හඬ පටිගත වන යන්ත්‍රය සොයාගෙන තිබුණි.

අනතුර සිදුවීමට පෙර අවසන් අවස්ථාවේදී නියමුවන් අතර සිදුවූ අවසන් සංවාද ඇතුළත් මෙම හඬ පටිගත කිරීමේ යන්ත්‍රය ගුවන් අනතුර සිදුවූ ආකාරය සොයා සිදුකරන විමර්ශනවල වැදගත් හෝඩුවාවක් වනු ඇති බව වාර්තා වෙයි.

ගුජරාට් හි අහමදාබාද් නුවරදී අනතුරට පත් යානයේ පියාසැරි දත්ත පටිගතකිරීමේ යන්ත්‍රය එනම් එහි එක් කළු පෙට්ටියක් හමුවූයේ පසුගිය සිකුරාදාය.

ගුවන් අනතුරින් දිවි බේරාගත්, බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි ඉන්දීය ජාතික විස්වාශ්කුමාර් රමේෂ් නමැත්තා, අනතුරින් නැගුණු ගිනිජාලා මැදින් නිරුපද්‍රිතව පැමිණෙන ආකාරය දැක්වෙන දසුන් පෙළක් ඉන්දීය මාධ්‍ය අද වාර්තා කළේය.

ada derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *