රජය විසින් ඉදිරිපත් කර ඇති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ දැඩි ලෙස විවේචනය කරමින් මිහින්තලේ රජමහා විහාරාධිපති පූජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබේ.

එහිදී උන්වහන්සේ පවසා ඇත්තේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග තමන්ට පෞද්ගලික සම්බන්ධතා පවතින බවයි.
එබැවින් අවශ්‍ය වුවහොත් ඔහු මුණගැසී වත්මන් රජය රට විනාශ කරන ආකාරය පිළිබඳව කරුණු පැහැදිලි කිරීමට තමන් සූදානම් බව ධම්මරතන හිමියන් පවසති.

රජය ගෙන එන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් මෙරට අධ්‍යාපන පද්ධතියට හානි සිදුවන බව උන්වහන්සේ අවධාරණය කර සිටිති.
තමන්ට ඩොනල්ඩ් ට්‍රම්ප් මුණ ගැසීමට හැකි මාර්ග පවතින බවත්, එම සබඳතා හරහා ජාත්‍යන්තර අවධානය මේ වෙත යොමු කරන බවත් උන්වහන්සේ ප්‍රකාශ කරයි.
මේ අතර වත්මන් පාලනය රටේ සම්පත් සහ අනාගත පරපුරේ අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් සිටින බව ද නායක හිමියන් චෝදනා කරති.
මෙම ප්‍රකාශය මේ වන විට සමාජ මාධ්‍ය සහ දේශපාලන ක්ෂේත්‍රය තුළ දැඩි කතාබහට ලක්වෙමින් පවති.
උපුටාගැනීම – Hiru News







