BREAKING NEWS
Search

අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුවන බවට පළවන පුවතේ ඇත්ත නැත්ත ඇමැති නලින්ද හෙලි කරයි

3442

අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුවන බවට පළවන වාර්තා අසත්‍ය බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

ඒ අනුව අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් හෝ අගමැති ධුරය වෙනස් කිරීමට හෝ කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි අද (03) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

එය විරුද්ධවාදී කණ්ඩායම් විසින් හෝ අවධානය දිනා ගැනීමට සමහර මාධ්‍ය විසින් මතු කරන ලද ප්‍රවෘත්තියක් විය හැකි බවයි අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ

Esana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *