විපක්ෂයේ එක්වීම අනාගතයට සුබදායි වනු ඇති බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා.
ඒ අනුව, විපක්ෂය එක් වුවහොත් ඉදිරියේදී ආණ්ඩු බලය ලබාගත හැකි බවට කිසිදු සැකයක් නොමැති බවයි උත්සවයක් අමතමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ.
විපක්ෂයේ සිටින සියලු පක්ෂ එක්වී විපක්ෂයට බලය පිහිටුවීමට හැකි පළාත් පාලන ආයතන බෙදාගන්නා බවත්, සමගි ජන බලවේගයට පළාත් පාලන ආයතන 75 ක් පමණ ලැබෙනු ඇති බවත්, අනෙකුත් පක්ෂවලට ද පළාත් පාලන ආයතන ලබාදීමට සිදුවනු ඇති බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.