BREAKING NEWS
Search

වද හිංසා වැඩි… තෑගි දුන් තායි අලි යලි රැගෙන යයි

1065

(විමුක්ති එස් රුද්‍රිගු)

ප්‍රමාණවත් සුබසාධක පහසුකම් සපයා නොමැති වීම සහ අධික ලෙස වැඩ ගැනීම හේතුවෙන් තායිලන්තය තෑගි තවත් තවත් අලි ඇතුන් දෙදෙනෙකු එරටට ගෙන්වා ගැනීමට තීරණය කර ඇතැයි තායිලන්ත තේගර් වෙබ් අඩවිය වාර්තා කළේය.

තායිලන්ත තෑගි කළ එම අලි ඇතුන් දෙදෙනා නැවත ගෙන්වා ගැනීම සඳහා එළැඹෙන 28 වැනිදා තායිලන්ත බලධාරීන් ශ්‍රී ලංකා රජය සමග සාකච්ඡා කිරීමට නියමිත බවද එහි දැක්වේ. එම අලි ඇතුන් දෙදෙනාගේ සුබ සාධනය නිසි ලෙස ඉටු නොවීම හේතුවෙන් තායිලන්තය අලි ඇතුන් දෙදෙනා නැවත කැඳවා ගැනීමට සූදානම් වන බවද එම වාර්තාවේ සඳහන් වේ.

අලි ඇතුන් දෙදෙනාගේ සුවදුක් බැලීම සඳහා වාහාම ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට බලාපොරොත්තු වන බව තායිලන්ත නියෝජ්‍ය අගමැති සහ ස්වභාවික සම්පත් හා පරිසර අමාත්‍ය සුචාර්ට් චොම්ක්ලින් ඔහුගේ මුහුණු පොත් ගිණුමේ පෙරේදා(23) සටහනක් තබමින් ප්‍රකාශ කර ඇතැයි එහි දැක්වේ. තායිලන්ත රජය අලිඇතුන් දෙදෙනාගේ සුබ සාධනය පිළිබඳව ඉතා සමීපව නිරීක්ෂණය කරන බවද එම වාර්තාවේ සඳහන් වේ.

ප්‍රතූ පා 1979 වසරේදී තායිලන්තය තෑගි කර ඇති බවත් වර්තමානයේ ප්‍රතූ පා දළදා මාළිගාවේ සිටින බවත් එම වාර්තාවේ දැක්වේ. නැවත තායිලන්තයට ගෙන්වා ගත් සක්සුරින් සමග 2001 වසරේදී තෑගි කළ ශ්‍රී නරොන්ග් වර්තමානයේ කතරගම කිරිවෙහෙර පන්සලේ සිටින බවත් එහි සඳහන් වේ

source – lankadeep




Leave a Reply

Your email address will not be published. Required fields are marked *