වතු සේවක වැටුප් වැඩි කරන ගිවිසුම අත්සන් කිරීම 30

179

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට අදාළව ගිවිසුම් ගතවීම  (30) දින සිදු කරන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය නිවේදනය කරයි.

ඒ අනුව ප්‍රාදේශීය වැවිලි සමාගම් සමඟ මෙලෙස ගිවිසුම්ගත වන බව එම අමාත්‍යංශය සඳහන් කළේය.

2026 වර්ෂය සඳහා වූ අයවැය ඉදිරිපත් කිරීමේදී ජනාධිපතිවරයා විසින් වතු කම්කරු ප්‍රජාවගේ වැටුප රුපියල් 1,750ක් දක්වා වැඩි කිරීමට පියවර ගත්තේය.

එහිදී මූලික වැටුප රුපියල් 1,350 සිට රුපියල් 1,550ක් දක්වාත් රුපියල් 200කින් ද පැමිණීමේ දීමනාව ලෙස රුපියල් 200ක මුදලක් රජය විසින් ගෙවීමට තීරණය කරන ලදී.

ඒ අනුව වැටපු සඳහා අයවැයෙන් වෙන් කරන ලද මුදල රුපියල් මිලියන 5000ක මුදලක් වෙන් කර තිබේ.

Ada DErana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!