BREAKING NEWS
Search

අනුරගේ පොටෝ ගත් වරදට පොලිස් නිලධාරියෙකුට මාලිමා රැලියේදී ගුටි දී දඬුවම් කරයි..

21

ජාතික ජන බලවේගය විසින් කුරුණෑගල දී පවත්වන ලද රැලියකදී පොලිස් බුද්ධි අංශ නිලධාරියෙකුට එහි සිටි පිරිස විසින් පහර දීමක් සිදුකර තිබේ.

අනුර කුමාර දිසානායක මහතා එම රැලිය ඇමතීමට පැමිණි අවස්ථාවේදී පින්තූර කිහිපයක් ගැනීම හේතුවෙන් මෙසේ ප්‍රහාරයට ලක්ව ඇත.

පහරදීම සිදුකර ඇත්තේ අනුර දිසානායක මහතාගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි පිරිස් විසින් ඔහුගෙන් ප්‍රශ්න කිරීමත් සමඟයි.

එහිදී පොලිස් නිලධාරියාව වහා දිව ගොස් පොලිස් රථයකට ගොඩ වී එතනින් ඉවත් වී තිබේ.

ප්‍රදේශය බාර උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ මෙම පහර දීම සිදුව ඇත්තේ පොලිස් බුද්ධි අංශ නිලධාරියෙකු බව නොදැන බවය.

ඒ අවස්ථාවේ එහි සිටි පොලිස් නිලධාරීන් ඉදිරිපත් වී ඇති වූ සැකය ඉවත් කිරීමට කටයුතු කර ඇති බවද හෙතෙම සඳහන් කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *