BREAKING NEWS
Search

” වැදගැම්මකට නැති මාධ්‍ය වලින් ජනතාව ඉවත් වේවි. අපි අමුතුවෙන් අත තියන්න දෙයක් නැ…” වැදගැම්මකට නැති මාධ්‍ය ගැන ඇමැති ලාල්කාන්ත කතා කරයි

654

ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු කරමින් පවතින බවත්, එය ජනතාවට තහවුරු වෙමින් ඇති බවත් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසනවා.

ඒ අනුව විපක්ෂයට යළි බලයට පැමිණීමට අවශ්‍ය නම්, රජයට වඩා හොඳට වැඩ කළ යුතු බවත්, දැනට විපක්ෂය යැයි කියා ගන්නා පිරිස‍ට යළි බලයට පැමිණීමට නොහැකි බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

ජනතාවට අවශ්‍ය විදියට ඔවුන් තවමත් වෙනස් වී නොමැති බවද, වැඩි ප්‍රමාණයක් අසත්‍ය ප්‍රකාශ කරන්නේ ඔවුන් බවද, වැඩි ප්‍රමාණයක් මාධ්‍යවල ප්‍රචාරය වන්නේද ඔවුන් කියන අසත්‍ය කරුණු බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

මාධ්‍යට අත තැබීමේ අවශ්‍යතාවක් නොමැති බවත්, දේශපාලන පක්ෂවලින් ඉවත් වුණු ආකාරයෙන් වැදගම්මකට නැති මාධ්‍යවලින්ද ජනතාව ඉවත්වනු ඇති බවයි අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

Esana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *