නීතිය කාටත් සාධාරණ ලෙස ක්‍රියාත්මක වන බව නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් පවසනවා.
ඒ අනුව යමින් පසුගිය කාලයේ මහජන දේපළ අවභාවිතා කළ මහින්දානන්ද අලුත්ගමගේට සහ නලීන් ප්‍රනාන්දුට දඬුවම් ලැබුණු බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
ජනතාව බලාපොරොත්තු වූ ජනවරම මේ වන විට දවසින් දවස ඉටුවෙමින් පවතින බවද ඔහු පවසා සිටියා.
ආණ්ඩුවට එරෙහිව කතා කරන මාධ්‍ය ආයතන තහනම් කරන බවට සිදුවන ප්‍රකාශ අසත්‍යයක් බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.