BREAKING NEWS
Search

ලුණුවිල හෙලිකොප්ටර් අනතුරේ ගුවන් නියමුවා දිවි ගමනින් සමුගනී..!

5878

 

 

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාව ගලවා ගැනීමේ මෙහෙයුම්වල නිරතව සිටියදී අද (30) පස්වරුවේ ලුණුවිල ප්‍රදේශයේ දී අනතුරට ලක් වූ හෙලිකොප්ටර් යානයේ ගුවන් නියමුවා ජීවිතක්ෂයට පත්ව තිබේ.

වින්ග් කමාන්ඩර්වරයෙකු වූ ඔහු මාරවිල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ 41 හැවිරිදි වියේ පසුවූ ගුවන් නියමුවෙක්ය.

මෙම අවාසනාවන්ත අනතුරට මුහුණපෑවේ බෙල් 212 වර්ගයේ යානයක්ය.

එය ආපදා හේතුවෙන් විපතටපත්ව සිටින ජනතාව වෙත ආහාර ද්‍රව්‍ය ඇතුළු සහන සේවා ලබාදීමට අද (30) පෙරවරුවේ සිටම විශාල මෙහෙවරක් ඉටුකරමින් සිටියේය.

එලෙස ලුණුවිල පාලම අසල සිටි පිරිසකට ආහාර ද්‍රව්‍ය ඇතුළු උපකරණ ලබාදීම සඳහා කටයුතු කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.

පාලම මත ජනතාව රැඳී සිටීමත් සමග එය ව්‍යර්ථ වී ඇති අතර, ඒ හේතුවෙන් ආරක්ෂිත ගොඩබැස්වීමක් සිදුකිරීමට යාමේදී මෙම අනතුර සිදුවිය.

මෙම අනතුරින් හෙලිකොප්ටර් යානයේ ගමන්ගත් තවත් 4ක් මේ වනවිට මාරවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

Source – Ada Derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *