BREAKING NEWS
Search

දැඩි සුළඟ නිසා සිදු වූ ජීවිත හා දේපල හානිවලට වන්දි දෙන්න මිලියන 1,000ක් වෙන්කරන්න ජනපතිගෙන් නියෝග

802

දැඩි සුළඟින් හානිවූ නිවාස සඳහා වන්දි ලබා දීමට ජනාධිපතිතුමා විසින් රුපියල් මිලියන 1,000ක් වෙන්කර ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා .

ඒහි ආපදා කළමනාකරණ අංශය භාර අතිරේක ලේකම් කේ.ජී. ධර්මතිලක පැවසුවේ, ආපදා හේතුවෙන් පූර්ණ හානි වූ නිවසක් සඳහා රුපියල් ලක්ෂ 25ක් ද, අර්ධ හානිවූ නිවාස සදහා හානිවූ ප්‍රමාණය අනුවද වන්දි ලබාදෙන බවයි.

ආපදා හේතුවෙන් මිය ගිය පුද්ගලයෙකු සඳහා ලක්ෂ 10 බැගින් වන්දි ලබා දීමට පියවර ගෙන ඇතැයි අතිරේක ලේකම්වරයා සඳහන් කළා. ඔහු පැවසුවේ ආබාධිත තත්ත්වයට පත්වූ පුද්ගලයෙකු සදහා ලක්ෂ 10ක වන්දියක් ලබාදෙන බවයි.

A5 News Sri Lanka




Leave a Reply

Your email address will not be published. Required fields are marked *