BREAKING NEWS
Search

අලුතෙන් විවාහ වුණු අයට, මාලිමා රජයෙන් සුබ පණිවිඩයක්..!

23

සමහර විට මේ කියන්නේ ඔබ සැබෑ වෙනකන් බලා සිටි සිහිනයක් ගැන වෙන්න පුළුවන්..

අලුතින් විවාහ වූ යුවළක් සඳහා නිවසක් තනා ගැනීමට ණය මුදලක් ලබාදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන බව නාගරික සංවර්ධන ,ඉදිකිරිම් හා නිවාස සංවර්ධන අමාත්‍යාංශය පවසනවා.

අමාත්‍යාංශ ලේකම් රංජිත් ආරියරත්න සඳහන් කළේ, නියමු ව්‍යාපෘතියක් ලෙසට එම නිවාස යෝජනා ක්‍රමය ආරම්භ කරන බවයි.

නිවාසයක් තනා ගැනීම සඳහා ලබාදෙන මුදල පිළිබඳ මෙතෙක් තීරණයක් කර නොමැති අතර, රැකියාවක් නොමැති අයට එම නිවාස ණය ලබාදීමට නියමිත වනවා.

කෙසේ වෙතත්, රාජ්‍ය බැංකු මගින් අදාළ ණය මුදල ලබාදීමට නියමිතයි.

එසේම, ලබාදෙන ණය මුදල ගෙවා දැමීමට හැකියාව ඇති අය තෝරාගෙන මෙම ණය මුදල ලබාදෙන බව ද ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *