BREAKING NEWS
Search

2026 වසරේ සිට අධ්‍යාපන ක්‍රමයේ දැවැන්ත වෙනස්කම් සිදු කරනවා – අගමැති

62

2026 දී අධ්‍යාපන ක්‍රමයට පුළුල් වෙනස්කම් හඳුන්වා දෙන බවත්, ඒ යටතේ පෙළපොත් වෙනුවට මොඩියුල ක්‍රමයක් හඳුන්වා දෙන බවත්, පන්ති කාමර වැඩ අඩු වන බවත් අගමැතිනි හරිනි අමරසූරිය ඊයෙ(23) පාර්ලිමේන්තුවදී පැවසුවාය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර මහතා සභාවේදී මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්, නව ක්‍රමය යටතේ විභාග කෙරෙහි අඩු අවධානයක් යොමු කරන අතර පන්ති කාමර වැඩවලට වඩා ප්‍රායෝගික වැඩ කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බව අග්‍රාමාත්‍යවරිය පැවසීය.

“පාසල් දරුවන්ට වර්තමානයේ මුහුණ දීමට සිදුවන ආතතිය මෙම නව ක්‍රම මගින් ඉවත් කරනු ලබනවා.”
අග්‍රාමාත්‍යවරිය පැවසීය.

“දරුවෙකුට ඉගෙන ගැනීමට සිදුවන විෂයයන් ගණන ද වෙනස් කරනු ලබනවා.

අග්‍රාමාත්‍යවරිය තවදුරටත් පැවසුවාය.

නව අධ්‍යාපන ක්‍රමය යටතේ කලා, තොරතුරු තාක්ෂණ සහ ගිණුම් කරණය කෙරෙහි වැඩි අවධානය යොමු කරන බවද ඇය පැවසුවාය.එසේම, විශ්ව විද්‍යාලවල පහසුකම් වැඩි කිරීම කෙරෙහි ද අවධානය යොමු කරන බවද ඇය වැඩිදුරටත් පැවසුවාය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *