BREAKING NEWS
Search

නිල නිවසෙන් එලෙව්වොත් මගේ ගෙදර මහින්දට දෙන්න මම සූදානම් – තිස්ස කුට්ටි (වීඩියෝ)

37

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබා දී ඇති නිල නිවසින් ඉවත් වීමට සිදු වුවහොත්; තමාගේ නිවස ඔහු වෙනුවෙන් ලබාදීමට සූදානම් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසනවා.

හිටපු මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ අනුරාධපුරයේ සංචාරයකට එක්වෙමින් මාධ්‍යය වෙත අදහස් දක්වමින්.

වත්මන් රජය මේ වනවිට දේශපාලන නායකයින් දඩයම් කිරීමේ මෙහෙයුමක් අරඹා ඇති බවත් එහි ප්‍රතිඵලයක් මත හිටපු ජනාධිපති රාජපක්ෂ මහතාට හිමි නිල නිවස ගැනීමේ වැඩපිළිවෙළක් දියත් කර ඇති බවත් තිස්ස කුට්ටිආරච්චි මහතා පෙන්වා දුන්නා.

‘නූතන දුටුගැමුණු’ ලෙස තමන් මහින්ද රාජපක්ෂ මහතා ව සලකන බවත්, කිසියම් අවස්ථාවක දී හිටපු ජනාධිපතිවරයා හට නිල නිවසෙන් ඉවත් වීමට සිදු වුවහොත් ඒ මහතාට අසීමිත ව ආදරය කරන ඕනෑ තරම් කෝටිපති ව්‍යාපාරිකයින්ගේ සහාය නව නිවසක් ලබා ගැනීම වෙනුවෙන් හිමිවන බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

හිටපු මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ අනුරාධපුරයේ සංචාරයකට එක්වෙමින් මාධ්‍යය වෙත අදහස් දක්වමින්.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *