රනිල් වික්‍රමසිංහ මැතිතුමන් 2002 වසරේ කොටි ත්‍රස්තවාදීන් සමග සටන් විරාම ගිවිසුම අත්සන් කරනු ලැබුවේ ඒ වන විට ශ්‍රී ලංකා සේනාවන්ට එකවර කොටි ත්‍රස්තවාදීන් හා උතුර හා නැගෙනහිර යන පෙරමුණු 2හිම යුද්ධ කිරීමට නොහැකි වූ නිසයි. රනිල් වික්‍රමසිංහයන්හට උපායශීලි ලෙස උතුරේ කොටින්ගෙන් නැගෙනහිර කොටීන් වෙන් කර ගැනීමට හැකිවූයේ මෙම ගිවිසුම මගින් ඇති කළ තත්ත්වයන් නිසයි. එදා රනිල්ගෙ කීමට ප්‍රභාකරන් අතහැර පැමිණි නැගෙනහිර කොටි නායකයන් සමග කොටි ඩයස්පෝරාව අදටත් වෛරයෙන් පසුවන බව මෑතකදී සිදුකළ සිරගත කිරීම් මගින් පැහැදිලි වේ.
එදා 2002දී සෝල්හයිම් ආදී බටහිර බලවේග විසින් රනිල් වික්‍රමසිංහයන්හට රෝම ගිවිසුමට අත්සන් කරන ලෙස දැඩිව බලපෑම් කරන ලදි. රනිල් වික්‍රමසිංහ මැතිතුමන් එම රෝම ගිවිසුමට අත්සන් කිරීම තරයේ ප්‍රතික්ෂේප කරන ලදි.
එම ගිවිසුමට එදා රනිල් වික්‍රමසිංහයන් අත්සන් කළා නම්, පිලීපීනයෙ හිටපු ජනපති රොඩ්‍රිගෝ දුතෙර්තෙ ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් සිරගත කර ඇති පරිදි ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් මහින්ද රාජපක්ෂ මැතිතුමන් හා අපෙ වීරෝධාර රණවිරුවන්ට මේ වන විට සිර දඩුවම් පමුණුවා තිබෙනු ඇත.
එදා දූරදර්ශිව ක්‍රියා කරමින් මව්බිමෙ ස්වෛරීත්වයත් ඒකීයත්වයත් රැකගැනීමට කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ට අපි සදා කෘතවේදී වන්නෙමු