BREAKING NEWS
Search

පාන් බනිස් මිල නියාමනය කරයි – බේකරි හිමියන් වහා කැදවයි…!

35

රුපියල ශක්තිමත් වීමට සාපේක්ෂව බේකරි සහ ආපන ශාලා නිෂ්පාදනය මිල අඩු කිරීමට අවධානය යොමුව ඇතිබව වෙළඳ අමාත්‍යාංශය පවසයි.

එම මිල අඩුකිරීමේ ප්‍රතිශතය නිගමනය කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරියට උපදෙස් දී තිබේ.

රුපියල ශක්තිමත් වීමේ වාසිය එලෙස පාරිභෝගිකයාට නිසි පරිදි ලබාදීමට බේකරි සහ ආපන ශාලා හිමිකරුවන් කටයුතු කර තිබේ ද යන්න මේ වනවිට අධ්‍යනයක් ක්‍රියාත්මකයි.

ඊට සමගාමීව බේකරි හිමියන්ගෙ සංගමය සහ ආපනශාලා හිමිකරුවන්ගේ සංගමය කැඳවා මිල අඩු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව වෙළඳ අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

– නාගොඩ සුමන උදයන්ත




Leave a Reply

Your email address will not be published. Required fields are marked *