BREAKING NEWS
Search

බස් සහ ත්‍රීරෝද රථ ඇතුලු රථවාහන වල අනාරක්ෂිත තොරොම්බල් ඉවත් කිරීම යලි අරඹයි !

621

බස් රථ, ත්‍රීරෝද රථ ඇතුළු රථවාහන වල අනාරක්ෂිත අමතර උපාංග ඉවත් කිරීම අද (01) සිට යළි ආරම්භ කරන බව පොලීසිය පවසනවා.

විවිධ අවස්ථාවලදී චක්‍රලේඛ මගින් ලබාදී ඇති අවසර මත බස් සහ ත්‍රිරෝද රථවල අමතර අලංකරණ කොටස් සවි කළද ඒවා සිදුකළ යුතු වන්නේ නිර්ණායක වලට යටත්ව බවයි සඳහන් වෙන්නේ.

අද (01) සිට යළි ක්‍රියාත්මක කෙරෙන මෙම අනාරක්ෂිත කොටස් ඉවත් කිරීමේ තීරණය සමග එකඟවන බව බස් සහ ත්‍රිරෝද රථ සංගම් ප්‍රකාශ කර තිබුණා.

පසුගිය වසරේ දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සිදුකළ පරීක්ෂාවකදී රථවාහන 8,788ක් ධාවනයට නුසුදුසු බවට අනාවරණය කරගෙන තිබූ අතර පසුව අඩුපාඩු නිවැරදි කර ගැනීම වාහනවලට යම් සහන කාලයක් ලබාදීමට පියවර ගෙන තිබුණා.

Helakuru Esana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *