BREAKING NEWS
Search

පිහි ප්‍රහාරයකට ලක්වූ සයිෆ් ට සැත්කමක් – අලුත්ම විස්තරේ මෙන්න..!

32

නිවසට පැමිණි කොල්ලකරුවෙකුගේ පිහි ප්‍රහාරයකට ලක්ව රෝහල් ගත කළ ඉන්දීය සුපිරි නළු සයිෆ් අලී ඛාන් මේ වනවිට අවදානම් මට්ටමෙන් මිදී ඇතැයි රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.

අද (16) අලුයම 2.30ට පමණ සයිෆ් අලී ථාන් හා ඇගේ බිරිඳ වන නිළි කරීනා කපූර්ගේ මුම්බායි හි පිහිටි නිවස කොල්ලකෑමට පැමිණි පුද්ගලයෙකු විසින් මෙම පහරදීම සිදුකර ඇති බව මුම්බායි පොලීසිය සිදුකළ මුලික විමර්ශනවල දී අනාවරණය වී තිබුණි.

එහිදී නිවසට ඇතුළු වූ කොල්ලකරු සහ සයිෆ් අලී ඛාන් අතර පොරබැඳීමක් ද සිදුව තිබේ.

පසුව සයිෆ් ට තියුණු ආයුධයකින් පහරදුන් සැකකරු එම ස්ථානයෙන් පළා ගොස් ඇත.

තුවාල ලැබු සයිෆ් අලී ඛාන් ප්‍රතිකාර සඳහා මුම්බායි හී රෝහලකට ඇතුළත් කර ඇති අතර පිහි ඇණුම් තුවාල 06ක් පමණ ඔහුගේ සිරුරේ නිරීක්ෂණය වී ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

ඉන් එක් ප්‍රහාරයක් ඔහුගේ කොඳු ඇට පෙළ ආසන්නයට එල්ල වී ඇති බව ද සඳහන්ය.

ඒ අනුව පැය 2ත් – 05ත් අතර කාලයක ශල්‍යකර්මයකට ද සයිෆ් යොමු කර ඇති අතර මේ වන විට ඔහුගේ සෞඛ්‍ය තත්වය යහපත් අතර හැරෙමින් පවතින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

අදාළ අවස්ථාවේ සයිෆ් අලී ඛාන්ගේ බිරිඳ වන බොලිවුඩ් නිළි කරීනා කපූර් හා දරුවන් දෙදෙනා ද නිවසේ සිට ඇති නමුත් ඔවුන්ට කිසිදු අනතුරක් සිදුව නොමැති බව ද සඳහන්ය.

සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන්ගේ නිවසේ ආරක්ෂාවට සිටි පුද්ගලයින් තිදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට ද මුම්බායි පොලීසිය පියවර ගෙන තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *