BREAKING NEWS
Search

අශෝක රන්වලගේ අනතුරට ගැන සපුගස්කන්ද OIC ගෙන් ප‍්‍රශ්ණ කරයි..

92

 

පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා සම්බන්ධ වූ රිය අනතුර පිළිබඳ පරීක්ෂණ මෙහෙයවීමේදී සිදුව ඇති ආකාරය සම්බන්ධයෙන් සපුගස්කන්ද පොලිසියේ ස්ථානාධිපතිගෙන් ප්‍රශ්න කර තිබේ.
පොලිස් මූලස්ථාන ආරංචි මාර්ගවලට අනුව, සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපතිවරයා (ප්‍රධාන පොලිස් පරීක්ෂක) සහ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාගෙන් පසුගිය 18 වැනිදා පැය දෙකකට ආසන්න කාලයක් පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

අදාළ රිය අනතුරෙන් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා ඇති අතර, ඒ පිළිබඳ විමර්ශන පැවැත්වීමේදී පොලිස් නිලධාරීන් සිය වගකීම් නිසි ලෙස ඉටු කර නොමැති බවට නිරීක්ෂණය වී තිබේ.

පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සෘජු නියෝගයකට අනුව ආරම්භ කර ඇති මෙම විශේෂ විමර්ශනය සඳහා මූලස්ථාන නිලධාරීන් කණ්ඩායමක් සපුගස්කන්ද පොලිසිය වෙතම ගොස් මෙම ප්‍රශ්න කිරීම් සිදු කර ඇත.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය මගින් නිවේදනය කර ඇති පරිදි, අදාළ ස්ථානාධිපතිවරුන් ඇතුළු එම කොට්ඨාසය අධීක්ෂණය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද රාජකාරි පැහැර හැරීමක් සිදු කර ඇති බවට හඳුනාගෙන තිබේ.

මේ හේතුවෙන් ඉදිරි දිනවලදී උසස් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුගෙන්ද වැඩිදුර ප්‍රකාශ ලබා ගැනීමට නියමිතය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *