BREAKING NEWS
Search

පාසල් සිසුනට නිල ඇදුම් මහලා දෙනවා – රෙදි දුන්නම අපතෙ යනවා..!

29

මෙම වසරේ පාසල් සිසුන්ට චීන රජයෙන් නොමිලේ නිල ඇඳුම් රෙදි පරිත්‍යාග කර ඇතැයි කර්මාන්ත ඇමති සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.

නමුත් ඊළඟ වසරේ සිට මෙම රෙදි වලින් පාසල් දරුවන්ට නිල ඇඳුම් මසා දීමට බලාපොරොත්තු වන බවද හෙතෙම කියා සිටියේය.

ඒ මෙම නිලඇදුම් රෙදි වලින් විශාල ප‍්‍රමාණයක් ඉතිරි වන බවත් එසේ නොකලහොත් ඒවා වෙන වෙන දේවල් වලට භාවිතර කරනු ඇතැයි ද ඔහු කියයි.

ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

2025 වර්ෂය සඳහා පාසල් නිල ඇඳුම් රෙදි අවශ්‍යතාව මීටර මිලියන 11.82කි.

ඒ අනුව ඊළඟ පාසල් වාරය ආරම්භ වීමට පෙර නිසි වේලාවට පාසල් නිල ඇඳුම් රෙදි ලබාදීමට හැකි බව ද අමාත්‍යවරයා පැවසුවේ ය.

අගමැති හරිනි අමරසූරිය විසින් නිල ඇඳුම් රෙදි සපයා දීම සඳහාවන චීන රජයේ ප්‍රදානය භාරගැනීම සඳහා වන යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවා ය.

 

උපුටා ගැනීම : ලංකා සී නිව්ස්




Leave a Reply

Your email address will not be published. Required fields are marked *