BREAKING NEWS
Search

ඉන්ධනවලින් කිසිවෙකු කොමිස් ගන්න බවක් අපි කීවේ නෑ… තෙල් මිල අඩුවැඩි වෙන්න මිල සූත‍්‍රය අනුවයි..! – ඇමති වසන්ත (Video)

233

ඉන්ධන ලීටරයකින් රුපියල් 162 කොමිස් මුදලක් හිටපු අමාත්‍යවරයෙකුගේ සාක්කුවට යන බවක් ජනාධිපතිවරයා හෝ තම ආණ්ඩුවේ කිසිවෙකු පෙර කියා නැතැයි වෙළඳ, වාණිජ, ආහාර, සුරක්ෂිතතා හා සමූපකාර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරයා එකල සඳහන් කළේ ඉන්ධන ලීටරයක් සඳහා රුපියල් 102 බද්දක් ඇති බවත් ඉන් රුපියල් පනහක් මහා භාණ්ඩාගාරයට ණයක් ලෙස කපා ගන්නා බවත් පමණක් යයි ඔහු පැවසීය.

තෙල් ලිටරයක මිල නියම වන්නේ එම ණය මුදලත් එකතු කිරීමෙන් බව ඇමතිවරයා සඳහන් කළේය.

ඉන්ධන මිල සංශෝධනය වන්නේ ඉන්ධන මිල සූත්‍රය අනුව බවද පැවසූ ඔහු අවසන් මිල සංශෝධනය වූයේද ඒ ආකාරයෙන්ම යයි පැවසීය.

කෙසේ හෝ ඉදිරි අයවැයෙන් ජනතාවට බොහෝ සහන ලැබෙනු ඇති බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේ අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය අමතමිනි.

Source : Lanka C News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!