BREAKING NEWS
Search

ඡන්ද කඩන මැෂිමක් – හදුන්නෙත්තිට මාලිමාවෙන්ම කුණු බැණුම්..!

38

ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සුනිල් හඳුනෙත්ති මහතා විසින් ආසන්න කාලයේ සිදුකරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශයන් සම්බන්ධයෙන් එම පක්ෂයට ප්‍රසිද්ධියේ සහාය දක්වන පුද්ගලයන්ගෙන් විරෝධය එල්ල වීමට පටන් ගෙන තිබේ.

උපයාගන්නා මූලාශ්‍ර හෙළි කළ නොහැකි මුදල් තම ආණ්ඩුයක් යටෙත් ආයෝජනය කිරීම සඳහා රාජ්‍ය අරමුදලක් පිහිටුවන බවට ඔහු විසින් සිදුකරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් මෙම විරෝධය දැක්වීම ඉහළ ගොස් ඇත.

එමෙන්ම මීට පෙරද මන්ත්‍රීවරයා විසින් අවස්ථා කිහිපයකදී සිදු කරන ලද ප්‍රකාශයන් සම්බන්ධයෙන්ද ඒ ආකාරයේ විරෝධතාවයන් මතුවිය.

ලෝක පරිමාණ ධනවතෙකු වන එලොන් මස්ක් සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශය, ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර සම්බන්ධයෙන් දක්වන ලද ප්‍රතිචාරයද ඒ අතර ප්‍රධාන වෙයි.

සුනිල් හඳුන්නෙත්ති මහතා ජාතික ජන බලවේග ආණ්ඩුවක මුදල් අමාත්‍යංශයේ ප්‍රමුඛ වගකීමක් දැරීමට නියමිතව ඇති බව පක්‍ෂ නායකයා බීබීසී වෙත පවසා තිබින.

ජාතික ජන බලවේගය නායක අනුර දිසානායක මහතා පසුගියදා සිදු කළ ලන්ඩන් සංචාරයේදී ලංකාවේ සිට මුං කැවුම් ගෙන ගොස් දුන් එරට වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු සිය සමාජ ජාල ගිණුමේ හදුන්නෙත්ති මහතාට දැඩි විරෝධය පල කර ඇත්තේ මෙසේය.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *