BREAKING NEWS
Search

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් දස දෙනෙකුගේ වර්ණ පටි ගැලවේ

3816

ලංකාවේ දූෂිතම ආයතන අතර මුල් 3 න් එකක් බවට පත්ව තිබුණ පොලිසියේ දැන් වෙන්නේ පෙරළිකාර දේවල්ය. වෙනදා තිබුණ පක්ෂග්‍රාහී කම් වාර්තාවන්නේ අඩුවෙනි. හින්දි චිත්‍රපටවල ‍පෙන්වන කුජීත පොලිසි වල තත්වයට පත්ව තිබුණ ශ්‍රී ලංකාවේ පොලිසිය දැන් එම ලක්ෂණ වලින් මිදෙන්නට පටන්ගෙන ඇති සෙයක්ද පෙන්නුම් කරයි.

 

පොලිස් ස්ථානාධිපතිවරුන් ලෙස සේවය කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් දස දෙනෙකුට (10) ඔවුන් දැරූ තනතුරු අහිමි කරමින්, වහාම ක්‍රියාත්මක වන පරිදි සාමාන්‍ය රාජකාරි සඳහා ස්ථාන මාරු කර යවා ඇති බව පොලිස් මූලස්ථානය තහවුරු කරයි.

 

මෙම ස්ථාන මාරු කිරීම් ඇතුළත් විශේෂ පොලිස් පණිවිඩය පෙරේදා (01) දින රාත්‍රියේ නිකුත් කර ඇති බවද උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

මෙම තීරණයට අනුව, ලිඳුල පොලිස් ස්ථානාධිපති නිකවැරැටිය කොට්ඨාසය වෙතද, මැදවච්චිය ස්ථානාධිපති කුරුණෑගල කොට්ඨාසය වෙතද, පොලිස් ක්‍රීඩා කොට්ඨාසයේ ස්ථානාධිපති කැලණිය කොට්ඨාසය වෙතද මාරු කර තිබේ. තවද, ඇහැටුවැව ස්ථානාධිපති තඹුත්තේගම කොට්ඨාසය වෙතත්, තෙල්දෙණිය මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ගම්පොළ කොට්ඨාසය වෙතත්, සපුගස්කන්ද ස්ථානාධිපති ගම්පහ කොට්ඨාසය වෙතත් මෙලෙස සාමාන්‍ය රාජකාරි සඳහා යොමු කර ඇත.

මීට අමතරව, පොලිස්පති අණ දෙන නිලධාරි කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා ගල්කිස්ස කොට්ඨාසය වෙතද, වැල්ලවාය ස්ථානාධිපතිවරයා බණ්ඩාරවෙල කොට්ඨාසය වෙතද මාරු කර යවා තිබේ.

 

වලපනේ පොලිස් ස්ථානාධිපතිවරයා විදේශ නිවාඩු ලබා ගැනීමට යටත්ව නුවරඑළිය කොට්ඨාසයට අනුයුක්ත කර ඇත. එමෙන්ම, කළුතර දිසා අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපති තනතුර දැරූ පොලිස් පරීක්ෂකවරයකුද වහාම ක්‍රියාත්මක වන පරිදි රත්නපුර කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරි සඳහා ස්ථාන මාරු කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ඇතිව පොලිස්පති, නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් මෙම ස්ථාන මාරු කිරීම් සිදුකර තිබේ. පොලිස් මූලස්ථානය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, මේ වසර ආරම්භයේ සිටම වරින් වර සැලකිය යුතු පොලිස් ස්ථානාධිපතිවරුන් සංඛ්‍යාවකට මෙලෙස සිය තනතුරු අහිමි කරමින් සාමාන්‍ය රාජකාරි සඳහා ස්ථාන මාරු ලබා දී ඇති බවයි.

gossip lanka news




Leave a Reply

Your email address will not be published. Required fields are marked *