කෙහෙල්බද්දර පද්ම නමැත්තා ගැන මුලින් ආ ආරංචි වලින් කියැවුනේ තාත්තා මැරූ පලිය ගත් පීතෘ ප්‍රේමී පුතෙකු බව පමණි. නමුත් ඔහු තාත්තා වැනිම සංවිධානාත්මක අපරාධකරුවෙකු බවත් පිය ගෞරවය ඉදිරියට ගෙනගොස් ඇත්තේ එම අන්තයෙන් බවත් දැන් දැන් හෙළිවන කරුණු වලින් පෙන්නුම් කරයි.
ඔහු දේශීය මත්කුඩු නිෂ්පාදනයට අතගසා තිබුණ බව වාර්තා වූයේ මින් ඉහතය මේ වනවිට ඔහු
මෙරට ගිනි අවි ජාවාරමකද නිරත වී ඇති බවට බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය තොරතුරු අනාවරණය කරගෙන තිබේ. මිනුවන්ගොඩ, පීල්ලවත්ත ප්‍රදේශයේ වෙසෙන ඔහුට හිතවත් ව්‍යාපාරිකයකු වෙත රුපියල් ලක්ෂ තුනහමාරක මුදලකට පිස්තෝලයක්, මැගසිනයක් සහ උණ්ඩ දහතුනක් අලෙවි කර ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
කෙහෙල්බද්දර පද්මගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මෙම ගනුදෙනුව පිළිබඳ තොරතුරු හෙළිවීමෙන් අනතුරුව අදාළ ව්‍යාපාරිකයාවද අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරනු ලැබිණි.
සැකකාර ව්‍යාපාරිකයා පොලිසියට පවසා ඇත්තේ, හීනටියන මහේෂ් නමැති අපරාධකරුවකු තමාගෙන් කප්පම් ඉල්ලමින් දිගින් දිගටම මරණ තර්ජන එල්ල කළ බවයි. පසුගිය වසරේදී එම අපරාධකරු තමන්ව වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ දැරූ බවද ව්‍යාපාරිකයා පොලිසිය හමුවේ සඳහන් කර ඇත.
මෙම මරණ තර්ජන පිළිබඳව කෙහෙල්බද්දර පද්මව දැනුවත් කිරීමෙන් පසු, තමාගේ ආරක්ෂාව සඳහා ගිනි අවියක් ලබා දීමට පද්ම විසින් රුපියල් ලක්ෂ පහක මුදලක් ඉල්ලා තිබේ. පසුව එම මුදල රුපියල් ලක්ෂ තුනහමාර දක්වා අඩු කරගෙන ගෙවීමෙන් අනතුරුව තමාට අදාළ පිස්තෝලය සහ උණ්ඩ තොගය ලැබුණු බවද ව්‍යාපාරිකයා ප්‍රකාශ කර ඇත.
කෙහෙල්බද්දර පද්මා විසින් ගිනි අවි විකුණූ වෙනත් පුද්ගලයන් පිළිබඳව තොරතුරු හෙළි කරගැනීම සඳහා ඔහුගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කරන බව පොලිසිය පවසයි. ගිනි අවිය මිලදී ගත් බව කියන ව්‍යාපාරිකයාද පැය 48ක කාලයක් සඳහා රැඳවුම් නියෝග යටතේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම් සිදුකරයි. බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය මෙම සිදුවීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පවත්වයි.
gossip lanka news







