BREAKING NEWS
Search

තායිලන්තයේ මව් රැජින වූ සිරිකිට් අභාවප්‍රාප්ත වෙයි

261

තායිලන්තයේ මව් රැජින වූ සිරිකිට් රැජිණ අභාවප්‍රාප්ත වී තිබේ.

තායිලන්තයේ වත්මන් රජු වජිරලොන්කෝන් ගේ මව වන සිරිකිත් මිය යන විට 93 වන වියේ පසුවිය.

ඇය 2019 වසරේ සිට විවිධ රෝගාබාධවලින් පීඩා විඳි අතර ඊයේ ඇය ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බැංකොක්හී රෝහලක බවද තායිලන්ත මාධ්‍ය වාර්තා කර තිබේ.

ඇය පසුගිය 2016 වසරේදී අභාවප්ප්‍රාප්ත වූ තායිලන්තයේ දීර්ඝතම කාලයක් රජකම් කළ බූමිබොල් අදුම්යදේජ් රජුගේ බිරිඳද වේ.

මේ අතර ඇගේ මරණය සම්බන්ධව රාජකීය අවමංගල්‍යයක් සංවිධානය කරන ලෙසට වජිරලොන්කෝන් රජු තායි රාජකීය ගෘහ කාර්යාංශයට නියෝග කර ඇති බවද එම මාධ්‍ය වාර්තා කර තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *