යේ පාර්ලිමේන්තුවේදී සම්මත වූ ජාතික ගමනාගමන කොමිෂන් සභා (සංශෝධන) පනත හරහා මෙරට පොදු ප්‍රවාහනයේ යෙදෙන සියලුම වාහන නියාමනයට බලතල ලැබෙන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසනවා.
මෙතෙක් කාලයක් පොදු ප්‍රවාහනයේ යෙදෙන වාහනවලින් නියාමනයට ලක්වූයේ 1% ක පමණ සුළු කොටසක් පමණක් වන බවයි පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.
ඒ අනුව අලුතෙන් නියාමනය වන කාරණා අතර, බස්රථවල ඇතුළත ශබ්දය ඩෙසිබල් 85 ට වඩා අඩුවිය යුතු බවත්, එසේම සුඛෝපභෝගී බස්රථවල ශබ්දය ඩෙසිබල් 80 ට වඩා අඩුවිය යුතු බවත්, බස් රථයේ නලාවේ ශබ්දය ඩෙසිබල් 105 ට වඩා අඩුවිය යුතු බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා දක්වා සිටියා.
එසේම පොලවේ සිට බස් රථයේ පා පුවරුවේ පළමු පඩියට උස මිලිමීටර් 250 – 430 අතර විය යුතු බවද, පඩියක දිග මිලිමීටර් 467 ක් හා පළල මිලිමීටර් 230 ක් විය යුතු බවද, තනි ආසනයක පළල මිලිමීටර් 382 ක් සහ ආසන දෙකක් නම් මිලිමීටර් 764 ක් විය යුතු බවද ඔහු සඳහන් කර සිටියා.
එසේම, පොදු ප්‍රවාහනයේ ගාස්තු තීරණය කිරීමට සූත්‍රයක් සකස් කිරීමට හා එය යාවත්කාලීන කිරීම සඳහා ගමනාගමන කොමිෂන් සභාවට බලය ලැබෙන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පවසනවා.
මීට අමතරව තවත් කරුණු 41 ක් යටතේ සියලුම පොදු ප්‍රවාහන වාහන නියාමනය කිරීමට මෙයින් බලය ලැබෙන බවයි නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ