අද ඒ රෝස කුසුම අපව හැර යන දවසයි…
අභාවප්‍රාප්ත හෙළ සිනමාවේ නිළි රැජිණ, මාලිනී ෆොන්සේකාගේ දේහය පිළිබදව අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව අද (26) නිදහස් චතුරස්‍රයේදී සිදුකිරීමට නියමිතයි.
ඒ අනුව, මේ වනවිට ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේ තැම්පත් කර ඇති ඇයගේදේහය පෙරවරු 08ට කොළඹ නිදහස් චතුරශ්‍රය වෙත රැගෙන යනු ඇති.
අනතුරුව පෙරවරු 9 සිට පස්වරු 03 දක්වා ඇයගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා මහජනතාවට අවස්ථාව සලසා දී තිබෙනවා.
පස්වරු 3.30 ට දේහය ආගමික වතාවත් සිදුකිරීම සදහා නිදහස් චතුරස්‍රයේ ඉදිකළ විශේෂ වේදිකාව වෙත රැගෙන යාමට නියමිතයි.
අභාවප්‍රාප්ත මාලිනී ෆෝන්සේකාගේ අවසන් කටයුතු හේතුවෙන් නිදහස් චතුරස්‍රය අවට ප්‍රදේශයේ රථවාහන ගමනාගමනය සීමා කෙරෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළා.
අභාවප්‍රාප්ත මාලිනී ෆෝන්සේකාගේ අවසන් කටයුතු හේතුවෙන් නිදහස් චතුරස්‍රය අවට ප්‍රදේශයේ රථවාහන ගමනාගමනය සීමා කෙරෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළා. ඒ අනුව, අද පෙරවරුවේ අවමගුල් පෙරහර රාජ්‍ය පරිපාලන අමත්‍යාංශ හන්දියේ සිට නිදහස් මාවත ඔස්සේ නිදහස් චතුරස්‍රය දක්වා ගමන් කිරීමේදි විනාඩි 15 ක කාලයක් නිදහස් වටරවුමේ සිට නිදහස් මාවතට ඇතුලු වන රථවාහන සීමා කෙරෙනු ඇති.
එමෙන්ම, අවමගුල් උත්සවය පැවැත්වෙන අවස්ථාවේදී නිදහස් මාවත සහ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ඉදිරියෙන් දිවෙන ප්‍රේමකීර්ති ද අල්විස් මාවත යන මාර්ගයන් හි අවහිරතාවක් ඇතිවීමට ඉඩ ඇති බැවින් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කෙරෙනවා.
හෙළ සළරූ විජිතයේ අසහාය මහා රාජිණිය ලෙස කිරුළු පළන් නිළි රැජිණ, මාලිනී ෆොන්සේකා දිවි ගමන නිමා කළේ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි.
කලක් රෝගාතුරව සිටි ඇය මිය යනවිට 78 වැනි වියේ පසුවුණා.
ඇයගේ දේහය මාදිවෙල පිහිටි නිවස වෙත රැගෙන ඒමෙන් පසු ඇගේ ඥාතීන්, සමකාලීනයන් ඇතුළු ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකු අවසන් ගෞරව දැක්වූවා.
අනතුරුව ඇයගේ දේහය ඊයේ රිය පෙරහරකින් ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාව වෙත රැගෙන එනු ලැබුවා.
ඒ වන විටත් ඇයට ආදරය කළ ප්‍රේක්ෂකයින් විශාල පිරිසක් තරංගනී ශාලාව අවට පෝලිම්වල රැඳී සිටින ආකාරයක් දක්නට ලැබුණා.
අභාවප්‍රාප්ත, හෙළ සිනමාවේ නිළි රැජිණ මාලනී ෆොන්සේකාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුලු දේශපාලඥයන් රැසක් ඊයේ එක්ව සිටියා.