තලවකැලේ ආගරපතන ප්‍රාදේශිය සභාවේ මංගල සභා රැස්විම මධ්‍යම පළාත් පාලන කොමසාරිස් ඒ.එම්.කේ.පී.කේ. චමිලා අතපත්තු මහත්මියගේ ප්‍රධානත්වයෙන් (17) දින පස්වරු 2:30ට ලිදුල නාගසේන ප්‍රදේශයේ පිහිටි ප්‍රාදේශීය සභා රැස්වීම් ශාලාවේදි පැවැත්විණ.
එම ප්‍රාදේශිය සභාවේ නව සභාපතිනිය වශයෙන් ලංකා කම්කරු කොංග්‍රසයේ සත්‍යමූර්ති රතිදේවි මහත්මිය විවෘත ඡන්ද 08කින් තේරී පත් වු අතර, එම සභාවේ උප සභාපතිවරයා වශයෙන් ජාතික ජන බලවේගයේ අල්ලිමුත්තු ප්‍රදීප් දිනේශර් මහතා තේරි පත්විය. ඡන්දය ප්‍රකාශ කිරිමේදි ස්වාධීන මන්ත්‍රීවරුන් 02 ජන්දය ප්‍රකාශ කිරිමෙන් වැළකී සිටියහ.
මෙම ප්‍රාදේශිය සභාවට සභාපතිවරයා තෝරා පත් කර ගැනීම සදහා නම් දෙකක් ඉදිරිපත් වූ අතර, ඒ සදහා රහස් ඡන්දයක් පැවිත්විය යුතු බවට සභිකයින් 5 දෙනෙකු යෝජනා කල අතර, විවෘත ඡනදයක් පවත්වන ලෙසට සභිකයින් 8 දෙනෙකු එකගතාවය පළ කල නිසා මධ්‍යම පළාත් පලාත් පාලන කොමසාරිස්වරිය බහුතර සභිකයින්ගේ එකගතාවය මත, විවෘත ඡනදයකින් සභාපතිවරයා තෝරා පත් කර ගැනීම සිදු කෙරිණ.
එම සභාවට තේරිපත් වූ සත්‍යමූර්ති රතිදේවි මහත්මිය මාධ්‍ය හමුවේ කියා සිටියේ ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තිවලට අනුකූලව ආගරපතන ප්‍රෙද්ශයේ ජනතාවට ප්‍රා දේශීය සභාව තුලින් උපරිම සේවාවක් ඉටු කරන බවයි.
– රංජිත් රාජපක්ෂ