කොළොන්නාව නගර සභාවේ බලය පිහිටුවීමට ජාතික ජන බලවේගය අද සමත්වුණා.
ඒ අනුව කොළොන්නාව නගර සභාවේ නගරාධිපති ලෙස මොන්ටි ධම්මික තේරී පත්වී ඇති අතර, උප නගරාධිපති ලෙස සේනක සමන් සෙනෙවිරත්න තේරී පත්වී ඇති බවයි සඳහන් වෙන්නේ.
නගරාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා පැවති ඡන්ද විමසීම උණුසුම් මුහුණුවරක් ගත් අතර, එහිදී නගරාධිපතිවරයා තෝරා ගැනීම සිදු කරන්නේ කුමන ඡන්ද ක්‍රමයෙන්දැයි විමසීමත් සමඟ මෙම තත්ත්වය මතුව තිබුණා.
එහිදී මන්ත්‍රීවරුන් පිරිසක් සභාවෙන් පිටව ගිය අතර, සමගි ජන බලවේගයේ එක් මන්ත්‍රීවරයෙක් සහාය පළ කරමින් සභාවේ රැඳී තිබෙනවා.
පසුව පැවති රහස් ඡන්දයෙන් ඡන්ද 10 ක් ලබාගෙන ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා නගරාධිපති ලෙස පත්වී තිබෙනවා
Source – එසැණ