වත්මන් ආණ්ඩුව රාජ්‍ය නිලධාරීන් පාවාදෙමින් සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි පවසනවා.
ඒ අනුව, රේගුවෙන් බහාලුම් තොගයක් නිදහස් කිරීම සම්බන්ධයෙන් වන වගකීම නිලධාරීන් මත පැටවීමට රජය සූදානම් වන බවත්, නමුත් එම අණ ලබාදුන්නේ තමන් බවට අමාත්‍යවරුන් විසින් මාධ්‍යයට ප්‍රකාශ කළ බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.
රාජ්‍ය නිලධාරීන් තමන් කරන කටයුතු දෙවරක් සිතාමතා සිදු කරන ලෙසද, රජය ප්‍රකාශ කරන දේ සිදු කිරීමට ගොස් ‘බෙල්ල මිරිකේවි’ දැයි සැක සහිත බවද, නිලධාරීන් අද එම තත්ත්වයට පත්වෙමින් ඇති බවද ඔහු ප්‍රකාශ කළා.
ආණ්ඩුව ඉන්ධන මිල අඩු කිරීමට හැකි අවස්ථාවේ මිල වැඩි කිරීමට කටයුතු කරන බවත්, රජයට අවශ්‍ය වන්නේ රටේ ජනතාවගේ ගෙල මිරිකා හෝ ආණ්ඩුව පවත්වාගෙන යාමට බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.
esana