BREAKING NEWS
Search

මේ අවුරුදු පහ විතරක් නෙවෙයි, ඉස්සරහටත් ආණ්ඩු කරන්නේ අපි – ටී.බී. සරත්

405

මෙම වසර පහ පමණක් නොව ඉදිරියටත් ආණ්ඩු කරන්නේ ජාතික ජන බලවේගය බව නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් පවසනවා.

ඒ අනුව, අවුරුදු 76 ක් රට පාලනය කරන ලද ‘පප්පලා’ පවසන දේවල්වලට හසු නොවන ලෙසත්, දැන් එජාප, සජබ හා පොහොට්ටුව ජනතාවට විශාල ආදරයක් දෙන තත්ත්වයට පැමිණ ඇති බවයි ජනහමුවක් අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ.

ඔවුන්ට සියල්ලම තේරුම් යන්නේ බිමටම වැටුණු පසු බවද, ඔවුන්ට තවත් ටිකක් තේරුම් යෑම සඳහා මහඋලු ගෙදරට යැවිය යුතු බවද, එහි යැවිය යුතු සියලු දෙනාම යැවීමට කටයුතු කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

Source – එසැණ




Leave a Reply

Your email address will not be published. Required fields are marked *