BREAKING NEWS
Search

පේරාදෙණියේ කළු පාලම ගැන ගත් තීරණය…!

1340

පේරාදෙණිය සහ සරසවි උයන දුම්රියස්ථාන අතර ප්‍රදේශයෙන් මහවැලි ගඟ හරහා ඉදිකර ඇති දුම්රිය පාලම ද්විත්ව මාර්ගයක් ලෙස සංවර්ධනය කිරීමට අවධානය යොමුකර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

කළු පාලම ලෙසින් හඳුන්වන මෙම පාලමට අයහපත් කාලගුණයත් සමඟ ඇති වූ ආපදා තත්ත්වයෙන් දැඩි හානියක් සිදු ව තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරී රවීන්ද්‍ර පද්මප්‍රිය මහතා පැවසුවේ එම පාලම අලුත්වැඩියා කිරීමට නොහැකි තත්ත්වයකට පත්ව ඇති බවට නිරීක්ෂණය වන නමුත් හෙට දිනයේ ඒ සම්බන්ධයෙන් නිවැරදි තීරණයක් ගතහැකි බවය.

“අපි බලාපොරොත්තු වෙනවා සඳුදා ඉදලා පාලමේ ඇල වෙච්ච කොටස මොන විදියට ප්‍රතිසංස්කරණය කරන්න පුළුවන් වෙයිද කියන එක තීරණය කරන්න. එ් අනුව තමයි සැලසුම් ඉස්සරහට යන්නේ. බොහෝ විට නව පාලමක් විදියට තමයි අපි ඉස්සරහට යන්න සැලසුම් කරලා තියෙන්නේ. ද්විත්ව මාර්ගයක් ලෙස හදන්න තමයි අපි සැලසුම් කරලා තියෙන්නේ. මොකද මේ පාලම තාවකාලිකව නඩත්තු කිරීම එතරම් සුදුසු නැති තත්ත්වයක තමයි තියෙන්නේ.”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!