වත්මන් ආණ්ඩුව විසින් කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා ඡන්ද ලබා ගැනීමට ඊයේ (15) දිනයේ විශාල මෙහෙයුමක් සිදුකළ බව සමගි ජන බලවේගයේ වරුණ රාජපක්ෂ පවසනවා.
ඒ අනුව ආණ්ඩුව ඊයේ දිනයේ ගෙවල්වලට ගොස්, එක් එක් තැන්වලට ගෙනැවිත් ඡන්ද ලබා ගැනීමට කටයුතු කර ඇති බවයි (16) මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.
ආණ්ඩුව චෝදනා කළේ ඔවුන් හැර සියල්ලන්ම හොරු ලෙස බවද, එහෙත් ආණ්ඩුව විසින් හොරුන් ඇල්ලීමේ මෙහෙයුමක් සිදුකළේ ඔවුන් ‘හිරේට දැමීමට’ නොව නගර සභාවේ ඡන්දය ලබා ගැනීමට බවද ඔහු ප්‍රකාශ කළා.
එම මෙහෙයුම අවසන් කරමින් ආණ්ඩුව කොළඹ මහ නගර සභාවේ බලය ලබාගත් බවත්, එහිදී පළාත් පාලන කොමසාරිස්වරියගේ හැසිරීම කළු පැල්ලමක් බවයි සමගි ජන බලවේගයේ වරුණ රාජපක්ෂ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.
Source – එසැණ