BREAKING NEWS
Search

එදා කංචනගේ ගිණුමට ගිය සල්ලි අද යන්නේ පැලවත්තේ ගිණුමටද? පුනරුදයේ ගිණුමටද? – ආනන්ද පාලිත

747

ඊශ්‍රායල් – ඉරාන යුද්ධය හේතුවෙන් වැඩි වූ බොරතෙල් මිල යළිත් 4% කින් පමණ අඩු වී ඇති බව බලශක්ති ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ ආනන්ද පාලිත පවසනවා.

ඒ අනුව මාස දෙකක් සඳහා තොග පැවතීම හේතුවෙන් ආණ්ඩුවට මොනම හේතුවක් මත හෝ ඉන්ධන මිල වැඩි කිරිමට නොහැකි බවයි අද (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

හිටපු බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මිල සූත්‍රය අනුව මිල වැඩිවන ආකාරය හා අඩුවන ආකාරය ප්‍රසිද්ධියට පත්කළ බවද, වත්මන් ආණ්ඩුව බලයට පත්වී ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක වන ආකාරය තවමත් ප්‍රකාශයට පත්කර නොමැති බවද ඔහු ප්‍රකාශ කළා.

මේ අවස්ථාවේදී රජය ඉන්ධන මිලදී ගන්නේ පෙර රජයයන් ඉන්ධන මිලදීගත් සමාගම්වලින්ම බවත්, ඒ අනුව එදා කංචන විජේසේකර අමාත්‍යවරයා වෙත ගිය මුදල් අද යන්නේ පැලවත්ත JVP ගිණුමටද, පැලවත්ත පුනරුද ගිණුමටද යන්න ප්‍රශ්න කරන බවයි ආනන්ද පාලිත වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

Source – එසැණ




Leave a Reply

Your email address will not be published. Required fields are marked *