BREAKING NEWS
Search

’’මේ ආණ්ඩුවේ එකම ආයෝජනය අයිස් පැක්ටරි විතරයි’’

681

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

වත්මන් ආණ්ඩුව බලයට පැමිණි විට ගෙනා එකම ආයෝජනය අයිස් පැක්ටරි පමණකැයි පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

“එදා ඔබලා මේ ආයෝජන කෙරෙහි දැක්කෙ වෙනස් ආකාරයකට.අප ආයෝජන ගේන්න අවශ්‍ය පරිසරය මේ රටේ හදන්න ඕන. එක පැත්තකින් මේ තිබෙන බදු ප්‍රතිපත්තිය මෙන්ම නීති රාමුව යටතේ සෘජු ආයෝජන මේ රටට එන්න කැමති වෙන්නේ නෑ.මේ රටට වැඩිපුරම ආයෝජන ආවේ 2005 -2015 කාලයේ. ඒ කාලයේදී ඔබ තුමන්ලා විපක්ෂයේ ඉඳගෙන ආයෝජකයන්ට හොරා යැයි කිව්වා.මේ ආණ්ඩුව බලයට ආවට පසු ආපු එක ආයෝජනයක් කියන්න.අයිස් පැක්ටරි ගැන නම් දැන් කතා වෙනවා. ඒක විතරයි අලුතින් ආවේ. දැන් රනිල් වික්‍රමසිංහගේ සතියෙන් පස්සෙ අයිස් සතිය ඇවිත් තිබෙනවා.අපිත් කියන්නේ සංවිධානාත්මක අපරාධ මැඩලන්න කියලයි. ඉතිහාසයේ වැඩිම වෙඩි තැබීම් වාර්තා වෙලා තියෙන්නේ මේ ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ.

මීට අවුරුදු ගානකට කලින් ෆේස්බුක් තිබුණා නම් මේ එක්කෙනෙක්ටවත් ඉන්න ලැබෙන්නෙ නෑ. මොකද මේ ඔක්කොම සංවිධානාත්මක අපරාධකාරයෝ යනුවෙන් ද නාමල් රාජපක්ෂ මහතා කීය

Source – Lankadeepa




Leave a Reply

Your email address will not be published. Required fields are marked *