දුම්රිය දෙකක් එකට ගැටේ.. මියගිය ගණන ඉහලට..!

1581

ස්පාඤ්ඤයේ සීඝ්‍රගාමී දුම්රිය දෙකක් එකිනෙක ගැටී සිදුවූ අනතුරින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 39 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

මලාගා සිට මැඩ්රිඩ් බලා ධාවනය වූ දුම්රියක් පීලිපැනීමට ලක්ව අනෙක් මංතීරුවට පෙරලීගොස් එම මංතීරුවේ ධාවනය වෙමින් තිබූ තවත් දුම්රියක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණි.

අනතුරින් ළමුන් 05 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 48 දෙනෙකු රෝහල් ගත කර ඇති අතර තවත් කුඩා ළමයෙකු ඇතුලු පුද්ගලයින් 12දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව සඳහන් වේ.

අනතුර සිදුවන අවස්ථාවේ දුම්රිය දෙකෙහිම මගීන් 400ක පමණ පිරිසක් සිට ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

 

Ada Derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!