සජිත්ගේ උපන් දිනයට සුබපතන්න එජාප නායකයෝත් එති

148

සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ජන්ම දිනය අදට(12) යෙදී ඇති අතර ඔහුට සුබ පැතීමට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින්ද එක්වී සිටිනවා.

මේ අවස්ථාවේදී හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ පැවැත්වෙන ආගමික වතාවත්වලට සජිත් ප්‍රේමදාස සහ ජලනි ප්‍රේමදාස සහභාගී වී සිටින අතර එම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, ජාතික සංවිධායක සාගල රත්නායක ද එක් වී සිටින අතර ඔවුන් දෙදෙනා මෙහිදී සජිත් ප්‍රේමදාසට සුභ පැතුම් එක්කළා.

මීට අමතරව සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ දේශපාලඥයන් ඇතුළු විශාල පිරිසක් මෙම ආගමික වතාවත්වලට සහභාගී වී සිටිනවා.

Hiru News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!