BREAKING NEWS
Search

ආපදාව මුවාවෙන් ජවාරම්කරුවන් මැණික් ගරයි..

193

 

 

 

නුවරඑලිය දිස්ත්‍රික්කයේ ආපදාවන් රැසක් සිදු වී තිබෙන අවස්ථාවක සියලු වග කිය යුතු නිළධාරින්ගේ අවධානය එදෙස යොමු වී තිබියදී නෝර්වුඩ් ප්‍රදේශයේ මැණිත් ජාවාරම්කරුව්න පිරිසක් තේ වත්තකි වනසමින් රාත්‍රි කාලයේ අනවසර මැණික් ගැරීමක නිරතව සිටින බව වතු කම්කරුව්න කියා සිටියි.
නෝර්වුඩ් පොලිස් වසමට අයත් නෝර්වුඩ් වත්ත පහළ කොටසේ හොදින් තේ වැඩි ඇති NC කොටසේ ජාවාරම්කරුවන් පිරිසක් තේ ගස් ගලවා එහි තුල වූ මැණික් ඉල්ලම් සහිත පස් රැගෙන ගොස් කෙසෙල්ගමු ඔයට ජලය ගලා බසිනා ඇළ මාර්ගවල සෝදා විශාල පරිසර හානියක් සිදු කර ඇති බවයි වතුකම්කරුවන් කියා සිටියේ.

තේ වත්ත තුල විශාල වලවල් හාරා මැණික් ගැරීම හේතුවෙන් තේ දළු නෙළීමේදි එම වළවල්වලට වැටී තුවාල සිදු වීමේ අවධානමක් පවතින බවත්, තේ වත්තේ දැනට හාරා ඇති විශාල වලවල් වසා දමා තම ජීවිත වලට සිදු විය හැකි අනතුරු නැතිකිරිමට පියවර ගන්නා ලෙස වතු කම්කරුවන් වතු පාලන අධිකාරියෙන් ඉල්ලා සිටියි.

මෙම මැණික් ජාවාරම සම්බන්ධයෙන් වතු පාලන අධිකාරිය විසින් නෝර්වුඩ් පොලිසියටද අවස්ථා කිහිපයකදී පැමිණිලි කර ඇති බවයි එම වතුයායේ වතු කම්කරුවන් කියා සිටියේ.

– රංජිත් රාජපක්ෂ




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!